සෞඛ්‍ය පද්ධතියට නව ගිණුමක්...

 



මෙරට සෞඛ්‍ය පද්ධතියට අවශ්‍ය සහය ලබා ගැනීම සඳහා ඒකාබද්ධ ගිණුමක් ආරම්භ කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය හා එක්ව එම ගිණුම ආරම්භ කර ඇත.

ගිණුම හරහා සෞඛ්‍ය පද්ධතියට කෙරෙන පරිත්‍යාග ලබාගැනීමට නියමිතව ඇත

අමාත්‍යවරයා පැවසුවේ, මේ වනවිට රට තීරණාත්මක පරිච්ඡේදයට මුහුණදී ඇති අතර එම තත්ත්වය තුළ ලොව පුරා රාජ්‍යයන් හා ජාත්‍යන්තර සංවිධානවල සහය අත්‍යවශ්‍ය බවයි.

මෙවැනි අවස්ථාවක සෞඛ්‍ය අමාත්‍යාංශය ලෙස රටෙහි සෞඛ්‍ය පද්ධතියට අවශ්‍ය සහයෝගය වෙනුවෙන් පරිත්‍යාග ලබාගැනීම සඳහා කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසුවේ ය.

Post a Comment

0 Comments