අද දවස ඉතිහාසයේ කලුම කලු තිතක් තියපු දවසක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි පවසනවා.
ඔහු වැඩි දුරටත් අදහස් දක්වමින් සඳහන් කලේ රටම ප්‍රතික්ෂේප වෙච්ච පිරිසකට නැවත ඇමතිධූර ලබා දීම අද මුලු රටම පහතට ඇද දමා ඇති බවයි.
වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි
අද දවස ඉතිහාසයේ කලුම කලු තිතක් තියපු දවසක්.මන්ත්‍රීවරයෙක් ලෙස ලැජ්ජාවට පත්වෙලා තමයි මමත් අද කතා කරන්නේ.
මේ රටේ ජනතාව එකතු වෙලා ජනාධිපති රාජපක්ෂලා ඇතුලු ආණ්ඩුවම එලෙව්වා.
නමුත් ඊට පස්සේ රනිල් මහතා ජනාධිපති කලා.
අරගලයේ ජනතාව මහපාරේ දුක්වින්දා. ඒ ජනතාව ඉල්ලුවේ මේ ක්‍රමය වෙනස් කරන්න කියලයි.
ගෝල්ෆේස් හිටියේ කණ්ඩායමක් විතරයි.රටේ හැමතැනම අරගලය තිබුනා.අදත් හැම ගෙදරකම අරගලයක් තිබෙනවා.කන්න නෑ.දරුවෝ මන්දපෝෂණයට ලක්වෙලා.
පුංචි මිනිහගේ සාක්කුවට බඩට ගහමින් ඉන්නවා.ඊලග අයවැයෙන් තවත් බදු ගහනවලු.එහෙම තිබියදී අපි කිව්වේ වියදම් අඩු කරන්න කියලයි.
ඇමති මණ්ඩලය අඩු කරන්න කියලා අපි ඉල්ලුවා. ජනතාව ඉල්ලුවේ වැඩපිලිවෙලක්.
ජනතාව විසින් ප්‍රතික්ෂේප කල පිරිසම නැවත පත් කරලා.ප්‍රතික්ෂේප වෙච්ච පිරිසම නැවත ඇමතිධූර අරගෙන.
අද මුලු රටම පහතට ඇද දමා තිබෙනවා.
මේ රට ගොඩගන්න අවශ්‍ය සහය ඇමතිකම් ගන්නේ නැතුව ලබා දෙන්න සූදානම් බව අපි කිව්වා.
නමුත් මෙහෙම ඇමතිකම් ලබා දෙනවා නම් අපිටත් තීන්දුවක් ගන්න වෙනවා මේ රජයට සහය දෙනවාද නැද්ද කියලා.
ඉදිරි කාලය රටට භයාණක වෙයි.රටට කන්න දෙනවා වෙනුවට ඇමතිවරුන්ගේ බඩ පුරවන්න සූදානම් වෙනවා.
ඉදිරි අනාගත වැඩපිලිවෙල ගැන අපි දැඩි කලකිරීමෙන් ඉන්නවා.
සර්ව පාක්ෂික කමක් නෑ.මේක සර්ව භක්ෂක ආණ්ඩුවක්.අපි කිසි ලෙසක සහය දෙන්නේ නෑ මේ ආණ්ඩුවට
මේ නැවත වතාවක් පත් වුනේ රාජපක්ෂ ආණ්ඩුවක්.
ජනාධිපතිතුමා රාජපක්ෂ අනට කීකරු වෙලා.
අපි දන්න විදියට සමගි ජනබලවේගයේ අය නම් ඇමතිකම් ගන්න යන එකක් නෑ.ගියොත් ඒකට කියන්න ඕන වචනය මට කියන්න බෑ

0 Comments