පාසල් සිසුවියන් අපයෝජනය කළ බව කියන ගුරුවරයකු ලබන 3 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පැල්මඬුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය 21 වැනිදා නියෝග කළේය.
මෙම ගුරුවරයා විසින් සිසුවියන් කිහිපදෙනකු අපයෝජනය කළ බවට ළමාරක්ෂණ අධිකාරියේ සභාපති කථිකාචාර්ය උදය කුමාර අමරසිංහට ලද ලිඛිත පැමිණිල්ලක් අනුව අදාළ විමර්ශන ආරම්භ කර තිබේ.
විමර්ශන සිදු කරන අවස්ථාව වන විටත් අදාළ ගුරුවරයා වෙනත් ප්‍රදේශයක පාසලකට ස්ථාන මාරු ලබා ගොස් සිට ඇතැයි අනාවරණය වී ඇත.
ජාතික ළමා රක්ෂණ අධිකාරියේ විශේෂ විමර්ශන ඒකකය විසින් විමර්ශන සිදුකර සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

0 Comments