ගෝලීය කොරෝනා වසංගතයෙන් අනතුරු ව සිදු කරන ලද සමීක්ෂණයක දී පුද්ගලයින්ගේ ආයු අපේක්ෂාව, අධ්‍යාපන සහ ආර්ථිකමය තත්ත්වය පසුබැස්මකට ලක්ව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙයි..
එක්සත් ජාතීන්ගේ මානව සංවර්ධන දර්ශකයට අනුව වසර 10ක් තිස්සේ ප්‍රගතියක් පෙන්වූ ආයු අපේක්ෂාව, අධ්‍යාපනය සහ ආර්ථික සමෘද්ධිය ක්‍රමක්‍රමයෙන් ආපස්සට ගමන් කරමින් තිබෙන බව වාර්තා වෙයි.
කොවිඩ් වසංගතය හේතුවෙන් පසුගිය වසර දෙකේදී රටවල් 10කින් 9කම මානව සංවර්ධන දර්ශක අගයන් පහළයමින් ඇති බව එක්සත් ජාතීන්ගේ වර්තාවක සඳහන් වෙයි.
යහ පැවැත්මේ මිනුමක් ලෙස “එක්සත් ජාතීන්ගේ මානව සංවර්ධන දර්ශකය” 1990 දී එළිදැක්වීය.
ආයු අපේක්ෂාව, අධ්‍යාපන සහ ආදායම වැඩි රටවල් අතරින් ස්විස්ටර්ලන්තය පළමු ස්ථානයේ පසු වන අතර ආයු අපේක්ෂාව, අධ්‍යාපන සහ ආදායම අඩුම රටවල් අතරින් අවසාන ස්ථානයේ පසුවන්නේ දකුණු සුඩානය යි.


0 Comments