ගල්අඟුරු ක්ෂණික මිලදී ගැනීම් සඳහා ටෙන්ඩර් කැඳවයි...




නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු බලාගාරයට ගල්අඟුරු මිලදී ගැනීම සඳහා එළඹෙන අඟහරුවාදා ක්ෂණික මිලදී ගැනීම් සඳහා ටෙන්ඩර් කැඳවන බව ලංකා ගල්අඟුරු සමාගමේ සාමාන්‍යාධිකාරි නාමල් හේවගේ පවසනවා. 
 ගල්අඟුරු මිලදී ගැනීම සඳහා විවෘත කළ ටෙන්ඩරය අවලංගුවීමත් සමඟ මෙම තීරණය ගත් බවයි ඔහු සඳහන් කළේ. 
දැනට පවතින ගල් අඟුරු තොග පවතින්නේ ඔක්තෝබර් 20 දක්වා පමණක් බවත් ඒ අනුව නව ටෙන්ඩරය සඳහා ඉදිරිපත්වීමට සියලුදෙනාට අවස්ථාව පවතින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Post a Comment

0 Comments