හොරණ, ගෝනපොල ආශ්‍රිත ප්‍රදේශවල පාසල් සිසුන්ට සිසුන්ට ගංජා මිශ්‍රිත මදන මෝදක ගුලි අලෙවිකල ව්‍යාපාරිකයෙක් මොරගහහේන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ අදාළ වෙළෙඳ සැල තුළ සඟවා තිබූ මදන මෝදක ගුලි 1350 ක් සොයාගත් බවයි.
ගෝනපොල හන්දියේ සිංහල බෙහෙත් බඩු වර්ග අලෙවි කරන වෙළෙඳ සලක රුපියල් 200 බැගින් මිලකට මදන මෝදක ගුලි විශේෂයක් පාසල් සිසුන්ට සහ අමතර පන්ති යන්න සිසුන්ට අලෙවි කිරීමේ ජාවාරමක් සිදුකරන බවට පානදුර බුද්ධි ඒකකය ලද තොරතුරක් අනුව මෙම වැටලීම සිදු කළ බව පොලිසිය පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී කාලයක සිට මෙම ගංජා මිශ්‍රිත මදන මෝදක ගුලි අපි කළ බවට තොරතුරු අනාවරණය කරගෙන ඇත.
සැකකරු හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

0 Comments