මාර්තුවේ පුංචි ඡන්දයට සූදානම් වෙන්න..




පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මාර්තු මස පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සියලුම ආසන සංවිධායකවරුන්ට දැනුම් දී තිබේ.

එම පක්ෂයේ නිර්මාතෘ හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ විසින් සියලුම ආසන සංවිධායකවරු කැඳවා මේ බව දැනුම් දී ඇත. එහිදී ආසන සංවිධායකවරුන්ට ප්‍රකාශ කර ඇත්තේ ආර්ථික අර්බුදය හේතුවෙන් මැතිවරණයක් පැවැත්විය නොහැකි බවයි. එම නිසා මැතිවරණය වසරකින් කල් දමන ලෙස ආසන සංවිධායකවරු ඉල්ලා තිබේ. ඊට නීතිමය ප්‍රතිපාදන නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අදහසයි.

සියලුම පළාත් පාලන ආයතනවල නිල කාලය සැප්තැම්බර් මස අවසන් වන අතර එහි බලය මැතිවරණ කොමිෂන් සභාව වෙත පැවරෙයි. ඒ අනුව ලබන වසරේ මාර්තු මාසය වනවිට මැතිවරණය පැවැත්වීම කොමිෂන් සභාවේ වගකීම වෙයි. ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණයට සියලු ආසන සූදානම් කිරීමට පියවර ගෙන තිබේ.

Post a Comment

0 Comments