2016 සහ 2021 අතර වසර පහක කාලය තුළ නූතන වහල්භාවය මිලියන 10කින් පමණ ඉහළ ගොස් ඇති බව ජාත්‍යන්තර කම්කරු සංවිධානය පවසයි. බලහත්කාරයෙන් ශ්‍රමය සූරා කෑම, බලහත්කාරයෙන් විවාහ කර දීම වැනි තත්ත්වයන් නූතන වහල්භාවය ලෙස සැලකේ. 2030 වනවිට නූතන වහල්භාවය සම්පූර්ණයෙන් ලෝකයෙන් තුරන් කිරීම එක්සත් ජාතීන්ගේ අරමුණ වුව ද ප්‍රායෝගක තලයේ දී එය ඉතා අසීරු ඉලක්කයක් වනු ඇති බව මේ අනුව පෙනෙන බව විශ්ලේශකයෝ පවසති.
දිනක් තුළ මේ ආකාරයෙන් නූතන වහල්භාවයට යටත්වන සංඛ්‍යාව මිලියන 5ක් පමණ වන බව ඉහත සංවිධානය පවසයි. මෙයින් අඩකට වැඩි පිරිසක් ඔවුන්ගේ කැමැත්තට පටහැනිව විවිධාකාරයේ ශ්‍රම සූරාකෑම්වලට ලක්වන බවත්, තවත් විශාල පිරිසක් බලහත්කාරයෙන් විවාහ කර දීම වැනි අසාධාරණයන්ට ලක්වන බවත් අධ්‍යයනයන්ගෙන් හෙළි වී තිබේ. මෙම තත්ත්වයන්ට ගොදුරු වන පිරිස් ප්‍රචණ්ඩත්වයන්ට, තර්ජනයන්ට, රැවටීම්වලට, අපයෝජනයන්ට මුහුණ දෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. කොවිඩ් වසංගතය, මේ වනවිට ඉහළ ගොස් ඇති ස්වාභාවික විපත් වැනි කාරණා නිසා බොහෝ දෙනාගේ දිළිඳු බව වැඩිවීම මෙම අර්බුදය තවත් උත්සන්න කිරීමට හේතු වී තිබේ. නූතන වහල්භාවයට වැඩි වශයෙන්ම ගොදුරු වන්නේ සංක්‍රමණිකයන් බව ද ජාත්‍යන්තර කම්කරු සංවිධානය පෙන්වා දෙයි.

0 Comments