ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිලට තවත් තීරණාත්මක තරග දෙකක්...

 






ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගත් ක්‍රීඩකයන් තරග වදින ‘රෝඩ් සේෆ්ටි’ ලෝක කුසලාන ලෙජන්ඩ්ස් ක්‍රිකට් තරගාවලියේ ප්‍රබල ස්ථානයක සිටින ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම තවදුරටත් ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රථම ස්ථානයේ රැදී සිටියි.

මෙම තරගාවලියේ පළමු වටයේ තවත් තරග දෙකකට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සහභාගිවීමට නියමිතයි.

ඒ, නවසීලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායම සහ බංග්ලාදේශ ලෙජන්ඩ්ස් කණ්ඩායම සමගයි.

නවසීලන්ත ලෙජන්ඩ්ස් සහ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් අතර තරගය ශ්‍රී ලංකා වේලාවෙන් ලබන 24 වැනිදා පස්වරු 3.30ට ඩෙහෙරා ඩුන් හි රජීව් ගාන්ධි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී පැවැත්වීමට නියමිතයි.

බංග්ලාදේශ ලෙජන්ඩ්ස් සහ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් අතර තරගය ශ්‍රී ලංකා වේලාවෙන් ලබන 27 වැනිදා පස්වරු 3.30ට ඩෙහෙරා ඩුන් හි රජීව් ගාන්ධි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී පැවැත්වීමට නියමිතව ඇත.

දැනට අපරාජිත කණ්ඩායමක් ලෙස ඉදිරියෙන් සිටින ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල මෙම තරග දෙකෙද ජය ගැනීම ඉදිරි වටයට ඉතා වැදගත් වේ

Post a Comment

0 Comments