සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ජය ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය.
ඒ කඩුළු 4කින්.
එම තරගයේ කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායක ආරෝන් ෆින්ච් පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
ඒ අනුව පළමුව පන්දුවට පහරදීම සදහා මොහාලි පිටියට පැමිණි ඉන්දීය කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 6ක් දැවී ලකුණු 208ක් රැස්කර ගැනීමට සමත් විය.
ඉන්දීය පිල වෙනුවෙන් හර්ඩික් පාණ්ඩ්යා නොදැවී ලකුණු 71ක් ලබාගැනීමට සමත් විය.
ඔහුගේ එම ලකුණු සංඛ්‍යාවට දැවැන්ත හයේ පහර 5ක් සහ හතරේ පහර 7ක් ද වේ.
කේ. එල්. රාහුල් ලකුණු 55ක් ලබාගත්තේ දැවැන්ත හයේ පහර 3ක් සහ හතරේ පහර 4ක් ද සමගිනි.
සූර්ය කුමාර යාදේව් ලකුණු 46ක් ලබාගත්තේ පන්දු 25කදී වේගවත් හයේ පහර 4ක් සහ හතරේ පහර 2ක් ද සමගිනි.
නායක රෝහිත් ෂර්මා ලකුණු 11යි.
පන්දු යැවීමේදී ඕස්ට්‍රේලියානු පිල වෙුනවෙන් නේතන් එලිස් කඩුළු 3ක් දවා ගැනීමට සමත් විය.
අනතුරුව පිටියට පැමිණි ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 2කදි කඩුළු 6ක් දැවී ලකුණු 211ක් ලබාගෙන තරගයේ ජය වාර්තා කිරීමට සමත් විය.
ඕස්ට්‍රේලියානු පිල වෙනුවෙන් කැමරන් ග්‍රීන් ලකුණු 61ක් ලබාගැනීමට සමත් විය.
ඔහුගේ එම ලකුණු සංඛ්‍යාවට දැවැන්ත හයේ පහර 4ක් සහ හතරේ පහර 8ක් ද වේ.
මැතිව් වඩේ නොදැවී ලකුණු 45යි.
ස්ටීවන් ස්මිත් ලකුණු 35යි.
පන්දු යැවීමේදී ඉන්දීය පිල වෙනූවෙන් අක්සාර් පටේල් කඩුළු 3ක් දවා ගැනීමට සමත් විය.
තරගයේ වීරයා සම්මානය ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ කැමරන් ග්‍රීන්ට හිමිවිය.
ඒ අනුව තරග 3කින් සමන්විත මෙම තරගාවලියේ තරග 1ට 0ක් ලෙස ජයගෙන ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඉදිරියෙන් සිටීයි.

0 Comments