මිද්දෙණිය සතොස්මාතාගම ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි 47 හැවිරිදි පුද්ගලයෙකි.
යතුරු පැදියකින් සිය බිරිඳ සමඟ ඥාති නිවසකට ගොස් නැවත පැමිණෙමින් සිටියදී ඊයේ (01) රාත්‍රියේ ඔහු මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත.
තුවාල ලැබූ මරණකරු තලාව රෝහලට ඇතුළත් කරනවිටත් මියගොස් සිට ඇති බව පොලීසිය පවසයි.
පොලීසිය වැඩිදුරටත් පවසන්නේ නාඳුනන තුවක්කුකරුවෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවත ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් මිද්දෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.
0 Comments