ඉන්ධන ගැන එකඟතාවයක‍්...

 


පොසිල ඉන්ධන සහ පුනර්ජනනීය බලශක්තිය පදනම් කරගත් ගෝලීය එකඟතාවක් නිර්මාණය කර ගැනීමට යුරෝපා සංගමය සහ ඉන්දියාව සූදානම් වේ.

ඒ වෙනුවෙන් පැවැත්වෙන සාකච්ඡාවලට සහභාගිවීම වෙනුවෙන් යුරෝපා සංගමයේ බලශක්ති කොමසාරිස් කද්‍රි සිම්සන් ඊයේ (07 වැනිදා) ඉන්දියාවට පැමිණියාය.

දෙපාර්ශ්වය අතර මෙන්ම ගෝලීයවද පුනර්ජනනීය බලශක්තිය, හරිත හයිඩ්‍රජන් සහ සාධාරණ බලශක්ති හුවමාරුව වැනි ක්ෂේත්‍රවල සහයෝගීතාව වේගවත් කිරීම මෙම සාකච්ඡාවල අන්තර්ගත වනු ඇත.

දෙපාර්ශ්වයේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 60ක් සපිරෙන හෙයින්, බලශක්තිය සම්බන්ධයෙන් ඉන්දියාව සමඟ යුරෝපා සංගමයේ ශක්තිමත් බැඳීම තහවුරු කිරීමද මෙම සංචාරයේ තවත් අරමුණක් වී ඇත.

දේශගුණික විපර්යාසයන්ට එරෙහි සටනේදී යුරෝපා සංගමය සහ ඉන්දියාව අතර ශක්තිමත් සහයෝගීතාවයක් ඇති අතර, 2016දී පිරිසිදු බලශක්ති සහ දේශගුණික හවුල්කාරිත්වයක් දෙපාර්ශ්වය අතර ස්ථාපිත කර තිබේ.

ස්මාර්ට් ජාල සහ ගබඩා තාක්ෂණය මත ඔවුන් පිරිසිදු බලශක්ති සංක්‍රාන්තිය, පුනර්ජනනීය බලශක්තිය යෙදවීම වේගවත් කිරීම, බලශක්ති කාර්යක්ෂමතාව ප්‍රවර්ධනය කිරීම සහ සහයෝගීතාව සඳහා සමීපව කටයුතු කර ඇත.

කොමසාරිස් සිම්සන් අමාත්‍යවරුන්, අනතර්ජාතික සූර්ය සන්ධානයේ නිලධාරීන් සහ අනෙකුත් පාර්ශ්වකරුවන් සමඟ ද්විපාර්ශ්වික රැස්වීම් පවත්වනු ඇති බව යුරෝපා සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

සිය සංචාරයට පෙර ජනමාධ්‍ය වෙත අදහස් පළකරමින් සිම්සන් මෙසේ පවසා තිබේ. “ඉන්දුනීසියාවේ ජී 20 බලශක්ති සංක්‍රාන්ති ඇමැතිවරුන්ගේ රැස්වීමෙන් ටික කලකට පසුව සිදුවන මගේ සංචාරය දෙස මම බලා සිටිමි. අපි ගෝලීය බලශක්ති අර්බුදයකට මෙන්ම දේශගුණික විපර්යාසයේ දැවැන්ත අභියෝගයට මුහුණ දී සිටිමු.

පිරිසිදු බලශක්ති සංක්‍රාන්තිය බලශක්ති අර්බුදයට සහ දේශගුණික විපර්යාසවලට විසඳුම් සෙවීම සඳහා යතුරක් සපයන අතර, පුනර්ජනනීය සම්පත් විශාල ප්‍රමාණයක් ඇති ඉන්දියාවට උපාය මාර්ගික කාර්යභාරයක් ඉටු කිරීමට හැකියාව ඇත.”

Post a Comment

0 Comments