හෝටලේ මගුලට ආව මනාල පාර්ශ්වය සේවකයින්ට වට කරගෙන නෙලයි...

 


පානදුර සංචාරක හෝටලයක පැවතී විවාහ මංගල උත්සවයකදී ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් පහරකෑමට ලක්වූ හයදෙනකු පානදුර රෝහලට ඇතුළත් කර ඇති තිබේ.

මෙයට සම්බන්ධ දස දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි හිරණ පොලීසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මනමාලයාගේ පාර්ශවයෙන් පැමිණි මහනුවර සහ කඩුගන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බවත් අත්අඩංගුවට පත් වූවන් අතර දෙවන මනමාලයා ද සිටින බවත් පොලීසිය කීය.

රෝහල් ගතකර ඇත්තේ මනාලයාගේ පාර්ශවයෙන් පහරකෑමට ලක්වූ හෝටල් සේවකයින් පස්දෙනකු සහ මල් සැරසිලි සඳහා පැමිණි පුද්ගලයකු බව පොලීසිය පවසයි.

පිහිනුම් තටාකයේ සේවාව වෙන්කරවා ගෙන නොමැති නමුත්, පිරිසක් මත්පැන් පානය කොට එහි බැස දියනා ඇති අතර එහිදී හෝටල් සේවකයින් සමග ඇතිවූ කතා බහක් දුරදිග යාමෙන් පිරිස කලහකාරී ලෙස හැසිරී හෝටලයට ද අලාභානි සිදුකර පහරදීම සිදුකර ඇතැයි පොලීසිය කියයි.

සැකකරුවන් අත්අඩංගුවට ගෙන පොලීසියට රැගෙන ඒමට දැඩි වෙහෙසක් ගැනීමට සිදුව ඇතැයි වාර්තා වේ.

සැකකරුවන් පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Post a Comment

0 Comments