‘මා විශ්වාස කරනවා නව අගමැතිනිය රුසියන් තර්ජනවලින් අප ආරක්ෂා කරන්න කටයුතු කරාවි. යුක්රේනයේ අප ඇය හොඳින් හඳුනනවා. යුරෝපයේ දේශපාලනය ගැන ඇයට හොඳ අවබෝධයක් තියෙනවා.’ යැයි සෙලෙන්ස්කී මාධ්‍ය හමුවේ පැවැසුවේය.
බ්‍රිතාන්‍යයේ හිටපු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්, යුක්රේන රුසියානු යුද්ධය ආරම්භ වූ දා සිට යුක්රේනයට සහාය දැක්වීය.
යුක්රේන හමුදාවට අවි ආයුධ ලබා දීම, යුක්රේන රජයට මූල්‍ය ආධාර ලබා දීම සහ යුක්රේන හමුදා සඳහා විශේෂ පුහුණුවක් ලබා දීම ද කළේය.
ජොන්සන් අවස්ථා කිහිපයකදී යුක්රේනයේ කීව් අගනුවරට ගොස් යුක්රේන ජනාධිපතිවරයා සහ යුක්රේන සිවිල් වැසියන් හමුවී කතාබහද කර ඇත.

.jpg)
0 Comments