ලෝක ආහාර වැඩපිළිවෙලේ ආසියා සහ පැසිෆික් කලාපීය අධ්‍යක්ෂ ජෝන් එයිලිෆ් මහතා ශ‍්‍රී ලංකාවේ දින දෙකක සංචාරයක් සිදුකරන ලදී. මින් පෙර නොවූ ආකාරයේ ආර්ථික අර්බුදකාරී තත්වයක් නිසා ආහාර සුරක්ෂිතතාවය නොමැතිවීම මගින් මිලියන ගණනක ශ‍්‍රී ලාංකිකයන් දැඩි බලපෑමට ලක්වී සිටින මේ අවස්ථාවේ ලෝක ආහාර වැඩපිළිවෙල ඔවුන්ගේ හදිසි සහන මෙහෙයුම් කටයුතු ඉහළ නංවමින් සිටියි.
ලෝක ආහාර වැඩපිළිවෙලේ නවතම සමීක්‍ෂනවලට අනුව එම සමීක්‍ෂනයට සම්බන්ද වූ පවුල් ඒකක ප‍්‍රමාණයෙන් භාගයකගේ පමන ආහාර ලබාගැනීමට ඇති අපහසුතාවය නිසා කුසගින්න තියුණු ලෙස ඉහළ යමින් පවතී. එයට හේතු වශයෙන් ආහාර සැපයුම් දාමයන්ට බාධාවන් ඇතිවීම, ආහාරවල මිළ උද්ධමනය වාර්තාගත මට්ටමින් ඉහළයාම, ආදායම් අහිමිවීම් සහ ඉන්ධනද ඇතුලූව ප‍්‍රධාන පාරිභෝගික ද්‍රව්‍යවල දැඩි හිඟකම පෙන්වා දිය හැක.
මිලියන ගණනක ශී‍්‍ර ලාංකීය ජනතාවට තවදුරටත් ප‍්‍රමාණවත් ආහාර වේලක් ලබාගැනීමට අපහසු අතර පවතින තත්වය ඉදිරි සතිවලදී තවදුරටත් බරපතල වනු ඇතැයි අපි සැළකිලිමත් වෙමු. මෙම නිසා ලෝක ආහාර වැඩපිලිවෙළේ ප‍්‍රතිචාර දැක්වීම අතිශය වැදගත්වී තිබේ. අපගේ සහාය දැක්වීමේ ප‍්‍රමුඛතාවය වන්නේ ළමුන් සහ මව්වරුන්ට සිටින පවුල්වලට මූලිකත්වය ලබාදෙමින් ඔවුන්ට ජීවිතය පවත්වා ගැනීමට අත්‍යාවශ්‍ය ආහාර සහ පෝෂණ සහාය ලබාදීමයිග” එයිලීෆ් මහතා පැවසීය.
පාර්ලිමේන්තුව නියෝජනය කරන කිසිවකුගේ දරුවන්ට මන්දපෝෂ ප්‍රශ්නයක් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.
පාර්ලිමේන්තුවේ සිටින සියලුදෙනාගේම නිවෙස් වල කිරි බිත්තර මස් මාංශ ඇතුළු ආහාර හිඟයකින් තොරව ඇතැයිද ඔහු පැවසීය.
නමුත් එම මන්දපෝෂන ගැටලුව ඇත්තේ අඩු ආදායම්ලාභී පවුල්වලට බවත් ඔවුන්ගේ ගැටළුව කියන්නට සභාවක් නොමැති බවත් හෙතෙම සඳහන් කළේය.
පාර්ලිමේන්තුව අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.


0 Comments