බිත්තර හා කුකුළු මස් නිෂ්පාදකයන් මුහුණපාන ගැටලු පිළිබඳව කෘෂිකර්ම අමාත්‍යාංශය, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය යන අංශවල නිලධාරීන් සමග ඇමැතිවරයා සාකච්ඡාවක් පවත්වන ලදී.
මාලදිවයින ඇතුළු රටවල් රැසකින් කුකුළු මස් සඳහා විශාල ඇණවුම් ලැබී ඇතත්, මෙරට කුකුළු මස් කර්මාන්තය බිඳවැටී තිබීම නිසා එම ඇණවුම් යැවීමට නොහැකිවී ඇතැයි කුකුළු මස් නිෂ්පාදකයෝ මෙම සාකච්ඡාවේදී කියා සිටියහ. මෙම තත්ත්වය නිසා දින 45 කින් මෙරටට ඩොලර් විශාල ලෙස උපයා ගැනීමේ අවස්ථාව අහිමිවී ඇතැයිද ඔවුහු පැවසූහ.
බිත්තර සඳහා පාලන මිලක් නියම කළ ක්‍රමවේදය කුමක්දැයි ඇමැතිවරයා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන්ගෙන් විමසූ අවස්ථාවේ ඔවුන් කියා සිටියේ එවැනි ක්‍රමවේදයක් පිළිබඳව තමන් නොදන්නා බවය.
පාලන මිලක් නියම කිරීම සම්බන්ධව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, කුකුළු මස්,බිත්තර කර්මාන්තයේ නිරත පිරිස සමග සාකච්ඡා කළේ දැයි ඇමැතිවරයා විමසීමේදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් කියා සිටියේ ඔවුන් සමග සාකච්ඡා නොකළ බවය.
සත්ත්ව ආහාර මිල ගණන් ඉහළ යෑම නිසා බිත්තරයක නිෂ්පාදන වියදම රුපියල් 52 ක් වන බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීහු මෙහිදී කියා සිටියහ.යට දොස්

0 Comments