ජනපති කිරිවෙහෙර වැඳ පුදාගනී...
September 10, 2022
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඓතිහාසික කතරගම කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේ වැඳ පුදා ගෙන තිබෙනවා.
පසුව කිරිවෙහෙර රජමහා විහාරස්ථානයට පැමිණි ජනාධිපතිවරයා රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක, කතරගම කිරිවෙහෙර ඇතුළු පංච මහා විහාරයන්හි විහාරාධිපති පුජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගෙන තිබුණා.
එමෙන්ම කිරිවෙහෙර වැද පුදා ගැනීම සඳහා පැමිණ සිටි බැතිමතුන් සමග ද ජනාධිපතිවරයා එහිදී සුහද කථාබහක නිරතවී තිබෙනවා.
අනතුරුව කතරගම පුද බිමේ පිහිටි ඓතිහාසික අෂ්ඨපල බෝධීන් වහන්සේ ද වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත් ජනාධිපතිවරයා ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයට ගොස් දේවාශිර්වාද ද ලබාගෙන තිබුණා.
0 Comments