මුම්බායි ඉන්දියන්ස් හිටපු තනතුරෙන් මහේල ඉවතට...




මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන එම තනතුරෙන් ඉවත්වී තිබේ.

ඒ ඔහුට නව තනතුරක් ලැබීම හේතුවෙනි.

මුම්බායි ඉන්දියන්ස් හිමිකරුවන් විසින් මහේල ජයවර්ධන එම කණ්ඩායමේ “Global Head of Performance” ලෙස පත්කර තිබේ.

ඒ අනුව මුම්බායි ඉන්දියන්ස් හිමිකරුවන් සතු කණ්ඩායම් තුනේම පුහුණු කටයුතු සහ නවක ක්‍රීඩකයින් තෝරාගැනීම සම්බන්ධ වගකීම් ඔහු ට පවරා ඇත.

Post a Comment

0 Comments