ඉලෙක්ට්‍රික් යතුරුපැදි ප්‍රදර්ශනාගාරයක ගින්නක්..




විද්‍යුත් යතුරුපැදි ප්‍රදර්ශනාගාරයක හදිසියේ හටගත් ගින්නකින් පුද්ගලයින් 08 දෙනෙකු මියගොස් ඇතැයි ඉන්දියාවේ මාධ්‍ය වාර්තා කරයි.

විදුලි කාන්දුවීමක් ගින්නට හේතුවන්නට ඇති බවට සිදුකළ විමර්ශනවලින් අනාවරණය වී ඇති අතර එහිදී තුවාල ලැබු පුද්ගලයින් පිරිසක් රෝහල්ගත කර තිබේ.

එම විද්‍යුත් යතුරුපැදි සඳහා භාවිත කරන බැටරිවල තිබූ යම් යම් දෝෂ හේතුවෙන් මෙම ගින්න හටගන්නට ඇති බවට මූලික විමර්ශනවලින් අනාවරණය වූ බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් අනාවරණය කරයි.



Post a Comment

0 Comments