තවත් වෙඩි තැබීමක්...

 



අහුංගල්ල, බෝගහපිටිය ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය පැවසුවේ ඊයේ (23) රාත්‍රීයේ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.

බෝගහපිටිය, ඌරගහ මාර්ගයේ ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටිය දී පුද්ගලයින් දෙදෙනෙකුට මෙලෙස වෙඩි තබා ඇත.

එහිදී තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා බලපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර, ඉන් අනතුරුව එක් පුද්ගලයෙකු මියගොස් තිබේ.

Post a Comment

0 Comments