ශ්‍රී ලාංකිකයින් කිහිපදෙනෙක් රුසියානු හමුදා ග්‍රහණයෙන් මුදාගෙන...

 


යුක්‍රේනයේ කාර්කිව් ප්‍රදේශයේ රුසියානු හමුදා ග්‍රහණයේ සිටි ශ්‍රී ලාංකිකයින් කිහිපදෙනෙකු මුදාගත් බව යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසා ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

රුසියානු හමුදා විසින් අදාළ ප්‍රදේශය අත්පත් කරගත් පසුගිය මාර්තු මාසයේ සිට එම ශ්‍රී ලාංකිකයින් පිරිස රඳවාගෙන සිට ඇති බව යුක්‍රේන ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇතැයි ද එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

මෙම ශ්‍රී ලාංකිකයින් යුක්‍රේනයේ අධ්‍යාපනය හදාරමින් සිටි සිසුන් පිරිසක් බවද යුක්‍රේන ජනාධිපතිවරයා අනාවරණය කර තිබේ.

ඒ අනුව වැඩිදුරටත් එරට මාධ්‍ය පෙන්වා දෙන්නේ මෙම ශ්‍රී ලාංකිකයින් 07 දෙනා යුක්‍රේනයේ Kupiansk වෛද්‍ය විද්‍යාලයේ අධ්‍යාපනය හදාරමින් සිටි සිසුන් පිරිසක් බව යුක්‍රේන ජනාධිපතිවරයා අනාවරණය කර ඇති බවය.

මුදාගත් ශ්‍රී ලාංකිකයින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුකර ඇති අතර රුසියානු හමුදා විසින් අත්පත් කරගෙන තිබූ කාර්කිව් පළාතේ මුදාගත් ප්‍රදේශවල සිදුකළ සෝදිසි මෙහෙයුම්වල දී රුසියානු හමුදා විසින් සිවිල් වැසියන්ට සිදුකළ හිරිහැර සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය වූ බවද යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පෙන්වා දුන් බව එරට මාධ්‍ය වාර්තා කරයි.

Post a Comment

0 Comments