නෙළුම් කුලුන බලන්න පුළුවන් වේලාව වෙනස් වෙයි...

 



නෙළුම් කුලුන නැරඹීමට මහජනතාවට ලබාදී ඇති කාලය වෙනස් කර තිබෙන බව එහි ප්‍රධාන විධායක නිලධාරී මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ප්‍රසාද් සමරසිංහ පවසයි.

ඒ අනුව සතියේ දිනවල දහවල් 12 සිට රාත්‍රී 10 අතර කාලය තුළ මහජනතාවට නෙළුම් කුලුන නැරඹිය හැකිය.

සති අන්තයේ එම කාලය වෙනස් කර ඇති අතර ඒ අනුව උදෑසන 10 සිට රාත්‍රී 11 දක්වා අතර කාලය තුළ නෙළුම් කුලුන නැරඹිය හැක.

එසේම මෙතෙක් පැවති රුපියල් 2,000 ප්‍රවේශ පත්‍රය මින් ඉදිරියට නිකුත් නොකරන බවත් ඒ අනුව එය නැරඹීම සඳහා නිකුත්කරන ප්‍රවේශ පත්‍රයක මිල රුපියල් 500ක් වන බවත් ඔහු පැවසීය.

Post a Comment

0 Comments