ඊයේ (02) දිනයේ වාර්තා වූ කොවිඩ් 19 වෛරසය ආශ්‍රිත මරණ සංඛ්‍යාව 4ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.
එම මරණකරුවන් අතර කාන්තාවන් තිදෙනෙක් හා එක් පිරිමි පුද්ගලයෙක් වන අතර ඔවුන් සියල්ලෝ ම වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ.
මෙම මරණ හතරත් සමග මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ ගණන 16,707 දක්වා ඉහළ යනවා.


0 Comments