විභාග නිල වෙබ් අඩවිය හැක් කළ සිසුවාට ඇප...

 


විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළු වී පරිගණක අපරාධ පනතේ වරදක් කළැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් ගාල්ල ප්‍රසිද්ධ පාසලක උසස් පෙළ සිසුවා රුපියල් ලක්ෂ 10 බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද (09) නියෝග කළේය.

තම සේවාදායකයා මෙවර උසස් පෙළ විභාගය සඳහා සූදානම් වෙමින් සිටින විභාග අපේක්ෂකයකු බැවින් සානුකම්පිතව සිතා බලා ඇප ලබාදෙන ලෙසට සැකකාර සිසුවා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරයා කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් අධිකරණය මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

Post a Comment

0 Comments