ලෝක ආහාර වැඩපිලිවෙළේ සහාය ලැබුනු ප‍්‍රතිලාභිකයින් කණ්ඩායමක් සමග එයිලිෆ් මහතා පවත්වන ලද සාකච්ඡුාවේදී ආහාර සුරක්ෂිතතාවය නොමැතිවීම මගින් ඔවුන්ට කොතරම් බලපෑමක් ඇතිවී තිබේද යන්න පිළිබඳව ඔහුට මැනවින් අවබෝධ කරගැනීමට හැකිවිය. ශ‍්‍රී ලංකාවේ පවුල් ඒකක පහකින් හතරක්ම ආහාර ප‍්‍රමාණය සීමා කිරීම සහ ආහාරවේල් මගහැරීම සිදුකරන අතර මේ අය අතර නාගරික කුටුම්භයන් සැලකියයුතු ප‍්‍රමාණයක් ඇත.
එයිලීෆ් මහතා, අග‍්‍රාමාත්‍ය ගරු දිනේශ් ගුණවර්ධන මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය ගරු අලි සබ්රි මහතා හමුවී ශ‍්‍රී ලංකාවේ ආහාර අනාරක්ෂිතතාවය සම්බන්ධයෙන් විසඳුම් ලබාදීම සඳහා වහාම සිදුකළ යුතු ප‍්‍රමුඛතාව දියයුතු පියවරයන් පිළිබඳව සාකච්ඡුා කලේය. ඔහු භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් ඍ ඵ ඡු රත්නායක මහතාද හමුවිණි.
එයිලිෆ් මහතා ශ‍්‍රී ලංකාවේ කොරියානු තානාපති සන්තුෂ් වූන්ජින් ජියෝන්ග් මහතා සමග පැවැති සාකච්ඡවකදී විශේෂයෙන්ම ශ‍්‍රී ලංකාවේ කුඩා පරිමාණයේ ගොවීන්ට සහායවීමටත් ආහාර පද්ධති සවිබලගැන්වීමටත් කොරියානු ජනරජය විසින් ලබාදුන් සහාය පිළිබඳව තම කෘතඥතාවය පළ කළේය. එයිලීෆ් මහතා ශ‍්‍රී ලංකාවේ ඕස්ටේ‍්‍රලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා හමුවි ලෝක ආහාර වැඩපිළිවෙලේ හදිසි ප‍්‍රතිචාර මෙහෙයුම් ජූනි මාසයේදී ආරම්භ කිරීමට අවශ්‍යතම මොහොතකදී සහාය ලබාදීම පිළිබඳව ඔහුට ස්තුතිය පුදකළේය.
ලෝක ආහාර වැඩපිළිවෙලේ ප‍්‍රතිචාර දැක්වීම් මගින් මිලියන 3.4 ජනතාවට ආහාර, මුදල් හෝ වවුචර් ලබාදීම මෙන්ම ජාතික පාසල් ආහාර වැඩසටහන යටතේ ළමුන්ටත්, ගැබිණි මාතාවන්ට සහ මව්කිරි ලබාදෙන මව්වරුන්ට පෝෂණය ලබාදීමට ත‍්‍රිපෝෂ වැඩසටහන ඇතුළත්ව ජාතික මට්ටමේ වැඩසටහන්වලටද සහාය ලබාදේ


0 Comments