සංචාරකයින්ට තහනම් කර තිබූ වැල්ලවාය පොලිස් බලප්‍රදේශයට අයත් ඇල්ලවල දිය ඇල්ල අද (06) සිට යළි සංචාරකයින්ට විවෘත කර තිබේ.
සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් අතිශය සුන්දර දිය ඇල්ලක් වන ඇල්ලවල දිය ඇල්ල නැරඹීමට සහ එහි දියනෑමට දෙස් විදෙස් සංචාරකයන් විශාල ප්‍රමාණයක් දෛනිකව එම ස්ථානයට පැමිණේ.
දිය ඇල්ලෙන් දියනෑමට ගොස් කුඩා දරුවන් ඇතුළු පුද්ගලයින් කිහිපදෙනෙක් පසුගිය කාලය තුළ මිය යෑම හේතුවෙන් ඇල්ලවල දිය ඇල්ල සංචාරකයින්ට තහනම් කිරීමට වැල්ලවාය ප්‍රාදේශීය ලේකම්වරයා කටයුතු කළේය.
මේ වසරේ මාර්තු 3 වන දින සිට මේ දක්වා මාස කිහිපයක් වසා දමා තිබුණු ඇල්ලවල දිය ඇල්ල ඒ අනුව අද සිට යළි විවෘත කර තිබේ.
මේ වනවිට දිය ඇල්ල ආශ්‍රිතව ආරක්ෂිත ලණු සකස් කර, දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කර සංචාරකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගෙන ඇත.
ආරක්ෂිතව දිය ඇල්ල නැරඹීමට පැමිණෙන ලෙස වැල්ලවාය ප්‍රාදේශීය පරිසර කමිටුව සංචාරකයින්ගෙන් ඉල්ලීමක් කරයි.


0 Comments