මහපාර දිගේ ව්‍යාපාරිකයකුට එලවා එලවා කඩුවලින් කොටයි

 




කහතුඩුව අධිවේගී පිවිසුම ආසන්නයේ දී පුද්ගලයකුට තියුණු ආයුධ සහ යකඩ පොලුවලින් අමානුෂික අයුරින් පහර දෙමින් සිටි තිදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් කහතුඩුව පොලිසියේ නිලධාරීන් තිදෙනෙකු විසින් පෙරේදා (18) රාත්‍රියේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

රාත්‍රී ජංගම සංචාරයේ නිරත පොලිස් නිලධාරීන් රැගත් ත්‍රීරෝද රථය කොළඹ දෙස සිට කහතුඩුව දෙසට පැමිණීමේදී පහර කෑ පුද්ගලයා පිටුපසින් කඩු පොලු අතැතිව පන්නා එනු දැක ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටුයුතු කර ඇත.

එම නිසා සිදුවන්නට තිබූ ඝාතනයක් මෙලෙස වලක්වාගැනීමට හැකි වූ බව පොලිසිය පවසයි.

පහර කෑ පුද්ගලයා ව්‍යාපාරිකයෙකු වන අතර සාදයක් අතරතුර දී දුම්වැටි පැකට්ටුවකට බහින් බස් වීමක් දුරදිග යාමෙන් මෙලෙස පහර දීම සිදු කර ඇත.

පහරකෑමට ලක්වූ පුද්ගලයා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇත.

අත්අඩංගුවට පත් වූවන් අතර පිය පුතු දෙපලක් සහ ඔහුන්ගේ සමීප ඥාතියෙක් ද වන බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයන් පොල්ගස්ඕවිට හා අම්බලන්ගොඩ ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 22 හා 51 අතර පසුවන්නන් ය.

සැකකරුවන් කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

කහතුඩුව පොලිසිය මේ පිළිබද වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


Post a Comment

0 Comments