රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද උප්පැන්න, මරණ සහ විවාහ සහතිකවල අනුපිටපත්වල වලංගුතාව නිශ්චිත කාල සීමාවකින් සමන්විත නොවන බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසන්නේ, රෙජිස්ටාර් ජෙනරාල් විසින් ක්‍රියාත්මක කරනු ලබන සියලු ම පනත් ප්‍රතිපාදන අනුව රෙජිස්ටාර් ජනරාල්වරයා විසින් නිකුත් කරන සහතික පිටපතක වලංගු කාලය කිසිදු සීමාවකට ලක් නො කර පිළිගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යංශය, විදේශ කටයුතු අමාත්‍යංශය, ආගමන විගමන දෙපාර්තමේන්තුව, යන ආයතන වලට දැනුවත් කර ඇති බවය.
මේ අතර යම් අවස්ථාවක දී උප්පැන්න, විවාහ හා මරණ ලේඛනයක සංශෝධන සිදු කර ඇත්නම් පමණක් සංශෝධික නව පිටපතක් ඉදිරිපත් කිරීම කළ යුතු බව ද රෙජිස්ටාර් ජනරාල් පී.එස්.පී. අබේවර්ධන පැවසීය.


0 Comments