හෝකන්දර කළඹමින් බෝම්බයක් හමුවෙයි...

 


විදේශීය රටක නිෂ්පාදිත අත් බෝම්බයක් රැගෙන සොරා ගත් යතුරු පැදියකින් අපරාධයක් සිදු කිරීම සඳහා යමින් සිටි පුද්ගලයෙක් හෝකන්දර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව මාලඹේ පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු ඩුබායි රටේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධ කරුවකු වන ලඩියාගේ සමීපතම ගෝලයෙක් බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

රාමනායක මාවතේ නිවසක් ඉදිරිපිට නතර කර තිබූ ස්කූටර් වර්ගයේ යතුරු පැදියක් සොරාගෙන යාම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් ලැබී තිබූ බව පොලිසිය අනාවරණය කළේය.

ප්‍රදේශයේ අපරාධ නිවාරණ රාජකාරි සඳහා සංචාරයේ යමින් සිටි මාලබේ පොලීසියේ නිලධාරීන් ට සොරා ගත් යතුරු පැදියේ ලියාපදිංචි අංකය සඳහන් යතුරුපැදියක් හෝකන්දර ප්‍රදේශයේ ගමන් කරන බවට නිරීක්ෂණය වීමෙන් අනතුරුව එය පසුපස හඹා ගිය පොලිස් නිලධාරීන් යතුරුපැදිය නවතා එහි ගමන් ගත් පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත .

එහිදී පොලිස් නිලධාරීන් යතුරුපැදියට අයත් ලිපි ලේඛන ඉල්ලා සිටියද එය ලබාදීමට සැකකරු අපොහොසත් වීම හේතුවෙන් සැකකරු පරික්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබූ විදේශීය රටක අත්බෝම්බය සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය පවසයි

අත්අඩංගුවට ගත් සැකකරු කිරිවත්තුඩුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 35ක පුද්ගලයෙකි.

සැකකරු කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මාලබේ පොලිසිය තවදුරටත් පරීක්ෂණ පවත්වයි.

Post a Comment

0 Comments