ගෑස් ඉල්ලුම පහළට...

 


ගෑස් සඳහා පැවති දෛනික ඉල්ලුම පහත වැටී ඇති බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් පවසයි.

මේ වසරේ දෙසැම්බර් දක්වා නව ගෑස් සිලින්ඩර් දේශීය වෙළෙඳපොළට නිකුත් නොකරන බව ලිට්‍රෝ සමාගම පවසයි.

ඒ, ලිට්‍රෝ සමාගමේ දැනට ක්‍රියාත්මක විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයින්ට මෙරට වෙසෙන සිය ඥාතීන් වෙනුවෙන් නව සිලින්ඩර් ඇණවුම් කිරීමේ ව්‍යාපෘතිය හේතුවෙනි.

රට මුහුණ පා ඇති ඩොලර් අර්බුදයට පිළියමක් ලෙස ලිට්‍රෝ සමාගම පසුගිය දා මෙම ක්‍රමවේදය හඳුන්වා දුන්නේ ය..

ඒ අනුව, මේ වනවිට විදේශගත ශ්‍රී ලාංකිකයින් සැලකිය යුතු පිරිසක් ඩොලර් ගෙවා නව සිලින්ඩර් ඇණවුම් කර ඇති බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා ප්‍රකාශ කළේ ය.

ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා පැවසුවේ, ගෑස් සඳහා පැවති දෛනික ඉල්ලුම සුළු වශයෙන් පහළ ගොස් ඇති බවයි.

ජනතාව ගෑස් අරපිරිමැස්මෙන් භාවිත කිරීම ඊට හේතු වී ඇතැයි ඔහු ප්‍රකාශ කළේ ය.

Post a Comment

0 Comments