රටේ පවතින ඉන්ධන අර්බුදය හමුවේ වී ගොවීන්ට කුඹුරු සීසෑම සඳහා එක අක්කරයකට ට්‍රැක්ටර් රථ හිමියන් රුපියල් 25,000 සහ 30,000 තරම් විශාල මුදලක් අය කරනු ලැබේ.
මේ නිසා ගොවීන්ට සහනයක් ලබා දීමේ අරමුණෙන් ත්‍රිකුණාමල නගර හා කඩවත් ප්‍රාදේශීය සභාව එහි සතු ට්‍රැක්ටර් රථ යොදා ගනිමින් අක්කරයකට රුපියල් දසසහසක් පමණ සාධාරණ මුදලකට සීසෑමේ ක්‍රියාවලිය ආරම්භ කර ඇත
ත්‍රීකුණාමලය සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ වෙනත් රාජ්‍ය ආයතන වල ප්‍රසිද්ධ වෙන්දේසියට තබා තිබූ ට්‍රැක්ටර් ලබාගෙන සුළු අලුත්වැඩියා කිරීමකින් පසු මෙලෙස සී සෑම සඳහා ප්‍රාදේශීය සභාව විසින් යොදාගෙන ඇත.
ත්‍රිකුණාමල නගර හා කඩවත් ප්‍රාදේශීය සභා සභාපති R.M.S. රත්නායක කියා සිටියේ රාජ්‍ය ආයතනයක් වශයෙන ජනතාවගෙන් ලබා ගන්නා බදු මුදල නැවතත් මහජනතාව වෙනුවෙන් සේවය සඳහා යොදවන බවත් ය.
මෙම අවස්ථාවට නැගෙනහිර පලාත් පාලන කොමසාරිස් මනිවන්නන්,ත්‍රීකුණාමලය දිස්ත්‍රික් පලාත් පාලන සහකාර කොමසාරිස් පාර්තීපන්,ත්‍රිකුණාමල නගර හා කඩවත් ප්‍රාදේශීය සභාව ප්‍රාදේශීය සභාවේ සභාපති සදුන් රත්නායක යන අය ද සහභාගී විය.

0 Comments