මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර, මාදුපිටිය ප්‍රදේශයේ පදිංචි 47 සහ 53 වියැති කාන්තාවන් දෙදෙනෙකු බවයි පොලිසිය පවසන්නේ.
පොලිස් කණ්ඩායම කල පරීක්ෂාවේදී නිළ සුනඛයා එක් සැකකාරියකට ඉව අල්ලා ඇති අතර, කාන්තා කොස්තාපල් රිහාරී ලවා ඇය සහ අනෙක් සැකකාරිය පරීක්ෂා කිරීමේදී ඇදසිටී ගවුම්වල සගවාගෙන තිබූ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5250 ක් , මත්කරල් 184 ක් සහ කේරළ ගංජා ග්‍රෑම් 15 ක් සොයාගත් බවයි පොලිසිය පවසයි.
සැකකාරියන් නඩු භාණ්ඩ සමගින් පින්වත්ත පොලිසියට භාරදි ඇති අතර, පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි .


0 Comments