ජලාශ කීපයකම වාන් දොරටු විවෘත කෙරේ
September 06, 2022
මධ්‍යම කඳුකරයට ඇදහැලෙන වර්ෂාවත් සමඟ පොල්ගොල්ල ජලාශයේ වාන්දොරටු 5ක් විවෘත කර තිබේ.
එමගින් තත්ත්පරයට ඝණ අඩි 17,500ක් ජලය මුදා හැරෙන බැවින් ජලාශයේ පහළ කොටස භාවිත කරන ජනතාව ඒ පිළිබඳ අවධානයෙන් සිටින ලෙසට යි කාර්යභාර ඉංජිනේරුවරයා ඉල්ලීමක් කරන්නේ.
එමෙන්ම, ලක්ෂපාන සහ කැනියොන් ජලාශවල ද වාන්දොරටු අද (06) අලුයම විවෘත කර තිබේ.
ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ නුවරඑළිය දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ රංජිත් අලහකෝන් සඳහන් කළේ, ලක්ෂපාන ජලාශයේ වාන්දොරටු 3ක් සහ කැනියොන් ජලාශයේ වාන්දොරටුවක් අගල් 3 බැගින් විවෘත කර ඇති බව යි.
0 Comments