බ්‍රිතාන්‍ය නව අගමැති අද දිවූරුම් දෙයි...

 


බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය ධුරයට තේරී පත්වූ එලිසෙබත් ට්‍රස් අද එම ධුරයේ දිවුරුම් දීමට නියමිතව තිබේ.

ඇය හෙට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ දී අග්‍රාමාත්‍ය ධුරයේ වැඩ භාර ගැනීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජූලි මාසයේ දී අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූ බ්‍රිතාන්‍යයේ හිටපු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් අද නිල වශයෙන් ඉල්ලා අස්වීමේ ලිපි බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් මහ රැජිණ වෙත භාරදීමට නියමිත ය.

එම ලිපිය භාරදීමෙන් පසු එළිසෙබත් ට්‍රස් අග්‍රාමාත්‍යවරිය ලෙස දිවුරුම්දීම එම ස්ථානයේ දී ම සිදු වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Post a Comment

0 Comments