ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිලට තියුණු ජයක්...





ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගත් ක්‍රීඩකයන් තරග වදින ‘රෝඩ් සේෆ්ටි’ ලෝක කුසලාන ලෙජන්ඩ්ස්1 ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තරගය ලකුණු 11කින් ජය ගැනීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත් විය.

මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 6ක් දැවී ලකුණු 165ක් රැස්කර ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල වෙනුවෙන් නොදැවී ලකුණු 43ක් ලබාගැනීමට ජීවන් මෙන්ඩිස්ට හැකිවිය.

ඔහුගේ එම ලකුණු සංඛ්‍යාවට දැවැන්ත හයේ පහර දෙකක් සහ හතරේ පහර 5ක් ද ඇතුළත් වේ.

උපුල් තරග ලකුණු 36යි.

දිල්ශාන් මුණවීර ලකුණු 26යි.

අසේල ගුණරත්න ලකුණු 25යි.

චාමර සිල්වා ලකුණු 18යි.

අනතුරුව පිටියට පැමිණි දකුණු අප්‍රිකානු ලෙජන්ඩ්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 6ක් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 154ක් පමණීයි.

දකුණු අප්‍රිකානු ලෙජන්ඩ්ස් කණ්ඩායම වෙනුවෙන් මෝර්න් වෑණ් ලකුණු 76ක් රැස්කර ගැනීමට සමත් විය.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල වෙනුවෙන් නුවන් කුලසේකර කඩුළු 2ක් දවාගත්තේය.

මෙම තරගයේ වීරයා සම්මානය ජීවන් මෙන්ඩිස්ට හිමිවිය
.

Post a Comment

0 Comments