හරක් කටාගේ සමීපතයෙක් අත්අඩංගුවට...

 



මිදිගම අහංගම ගල් බොරළු හේන කලපුව ප්‍රදේශයේ දී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් දහයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය ප්‍රකාශ කළේය.

අත්අඩංගුවට ගත් සැකකරු සංවිධානාත්මක අපරාධ කරුවෙක් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන හරක් කටා නැමැත්තාගේ සමීපතම ගෝලයෙක් බවට පොලීසිය හදුනාගෙන ඇත.

සැකකරු සන්තකයේ හෙරොයින් මත්කුඩු ග්‍රෑම් දහයක් තිබූ බවත් සැකකරුට විරුද්ධව කෝලාහල නඩු කිහිපයක් ද අධිකරණයේ විභාග වෙමින් පවතින බවත් පොලිසිය සඳහන් කරයි.

26 හැවිරිදි සැකකරු වැඩිදුර විමර්ශන සඳහා මිදිගම පොලීසිය වෙත භාර දී ඇත.

Post a Comment

0 Comments