උණ හැදුනොත් හිතුමතේ බෙහෙත් බොන්න එපා


 

මේ දිනවල වයිරස් උණ පැතිර යන බැවින් වෛද්‍ය උපදෙස්වලින් තොරව හිතුමතේට ප්‍රතිකාර ලබා නොගන්නැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කරයි.

මේ දිනවල ඩෙංගු, කොවිඩ්, ඉන්ෆ්ලුවන්සා සහ විවිධ වයිරස් උණ රෝගයන් පැතිර යන බැවින් ඒවා නිවැරදිව හඳුනාගෙන ප්‍රතිකාර කළ යුතු බැවින් වෛද්‍ය නිර්දේශයන්ගෙන් තොරව ප්‍රතිකාර ගැනීම ඉතාමත් අවදානම් බව වෛද්‍ය හේමන්ත පෙන්වා දෙයි.

වැසි සහිත කාලගුණයත් සමග ඩෙංගු, කොවිඩ් සහ ඉන්ෆ්ලුවන්සා රෝගයන්හි පැතිරීම ඉහළ යාහැකි බැවින් වඩාත් කල්පනාකාරී වන ලෙස ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.

Post a Comment

0 Comments