නන්මඩෝල් සුළි කුණාටුව නිරිතදිග ජපානයට තද වැසි සහ තද සුළං සමග කඩා වැදී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම වාර්තා පෙන්වා දුන්නේ, සුළි කුණාටුව හේතුවෙන් ගුවන් හා දුම්රිය සේවා අවලංගු වීම්, නිවාස 300,000කට පමණ විදුලිය විසන්ධි වීම් සහ පුද්ගලයින් දුසිම් ගණනකට තුවාල සිදු වීම් වාර්තා වී ඇති බව ය.
එම සුළි කුණාටුව මේ වන විට ජපානයේ ප්‍රධාන දූපත දිගේ නැගෙනහිර දෙසට, ඔසාකා සහ කියෝතෝ නගර දෙසට ගමන් කරමින් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
ඒ අනුව, එය අඟහරුවාදා ටෝකියෝ අගනුවරට ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
නන්මඩෝල් පැයට කිලෝමීටර් 108ක වේගයකින් සහ සහ පැයට කිලෝමීටර 162 වේගයක් සහිත සැඩ සුළං ඇති කරමින් හමා ගිය බව ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය සඳහන් කර ඇත.
ගංවතුර සහ නාය යාම් පිළිබඳ අනතුරු ඇඟවීම් මධ්‍යයේ දස දහස් සංඛ්‍යාත ජනතාවක් ආරක්ෂාව සඳහා ක්‍රීඩා මධ්‍යස්ථාන සහ අනෙකුත් ආරක්‍ෂිත ස්ථානවල රාත්‍රිය ගත කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ජපාන මාධ්‍ය වාර්තා කළේ, අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 60කට වැඩි පිරිසක් මේ වන විට තුවාල ලබා ඇති බව ය.


0 Comments