සඟවා තිබූ පාසල් බස් කඩිනමින් ධාවනයට...

 


රාජ්‍ය අයිතිය සහිත සමාගමක් වන ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම පාසල් සිසුන් ප්‍රවාහනය සඳහා විශේෂයෙන්ම නිර්මාණය කරන ලද බස් රථ 80 ක් වසර 7 කට පෙර ආනයනය කළ ද ඒවා මිලදීගැනීමට අනුමැතිය නොලැබීමෙන් වසර හතක් තිස්සේ ධාවනයට යොදවා නොමැති බවත් ඒවා හැකි ඉක්මනින් ධාවනයට යෙදවීමට කටයුතු කරන බවත් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසීය.

මිලදී ගැනීමේ තාක්ෂණික කමිටුවේ අනුමැතිය නොලැබීම හේතුවෙන් තවමත් එම සමාගමේ පනාගොඩ කර්මාන්තශාලා සංකීර්ණයේ ගාල් කර ඇති මෙම බස් රථ ධාවනයේ යෙදවීමට කැබිනට් අනුමැතිය ද ලබාගත් බව කී අමාත්‍යවරයා බස්රථ වල වර්තමාන වෙළෙඳපොළ වටිනාකමින් අඩකට මෙම බස් රථ ලබා දීමට සමාගම එකඟතාවය ද පළකර ඇති බවද සඳහන් කළේය.

ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන හෝමාගම පනාගොඩ පිහිටි අශෝක් ලේලන්ඞ් සමාගමේ මෙරට කර්මාන්ත ශාලාව අද(07) නිරීක්ෂණය කිරිමෙන් පසුව එසේ පැවසීය.

මෙම අවස්ථාව සඳහා ප්‍රවාහන අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයා, ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයා, ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.

Post a Comment

0 Comments