මියන්මාර් සහල් ශ්‍රී ලංකාවට...

 


ශ්‍රී ලංකා රුපියල් මිලියන 170 ක වටිනාකමින් යුත් මියන්මාර සුදු සහල් මෙට්‍රික් ටොන් 1000 ක්, මියන්මාර රජය විසින් ශ්‍රී ලංකා රජය වෙත 2022 සැප්තැම්බර් 2 වැනි දින පරිත්‍යාග කරන ලදි.

මෙම සහල් තොගය 2022 සැප්තැම්බර් 4 වැනි දින නැව්ගත කෙරිණි. එය 2022 සැප්තැම්බර් මස අග වන විට කොළඹ වරායට ළඟා වනු ඇත.

මියන්මාරයේ යැන්ගොන් හි පිහිටි ඒෂියා වර්ල්ඩ් පෝර්ට් පර්යන්තයේ පැවති උත්සවයක දී, මියන්මාර රජයේ වාණිජ්‍ය අමාත්‍ය යූ.අවුන් නයින් ඕ විසින් මෙම සහල් තොගය මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජනක බණ්ඩාර මැතිතුමා වෙත නිල වශයෙන් භාරදෙන ලදි.

මෙම සහල් තොගය භාර ගත් තානාපති ජනක බණ්ඩාර , මෙම අභියෝගාත්මක අවස්ථාව හමුවේ ශ්‍රී ලංකාවට සහල් මෙට්‍රික් ටොන් 1000ක් පරිත්‍යාග කරමින් සිය ත්‍යාගශීලී බව විදහා දැක්වූ මියන්මාර රජයට සහ එහි ජනතාවට සිය කෘතඥතාව සහ අවංක ස්තුතිය පුද කළේ ය.

Post a Comment

0 Comments