ශ්‍රී ලංකාව විසින් සුපිරි හතර වටයේ පළමු තරගයේදී ඇෆ්ගනිස්ථානය පරාජය කළ ආකාරය පන්දුවාර 20 තරග ජය ගැනීමේ සුපිරි ක්‍රමවේදයක් බව හිටපු ඉන්දීය ක්‍රීඩක සන්ජේ මන්ජේකාර් පවසයි.
ට්විටර් සටහනක් තබමින් ‘ ශ්‍රී ලංකාව විසින් ලකුණු 176ක් හඹා යමින් සුපිරි ජයක් වාර්තා කළේය. කිසිදු ශ්‍රී ලංකික පිතිකරුවෙකු ලකුණු 50ක් ලැබුවේ නැත. නමුත් ලකුණු වේගය 189 (කුසල් මෙන්ඩිස්), 165 (ධනුෂ්ක ගුණතිලක), 221 (භානුක රාජපක්ෂක) සහ 177 (වනිඳු හසරංග) ලෙසින් රැඳුණු මැදි ප්‍රමාණයේ ඉනිම් 4කින් ඔවුන් එය කරන ලදී. මා හිතන්නේ මෙය පන්දුවාර 20 තරග ජය ගැනීමේ මනා ක්‍රමවේදයක් ලෙසිනි’ යනුවෙන් මන්ජේකාර් පවසා තිබුණි.



0 Comments