ටින් මාළු ආනයනය සීමා කරන්න ඉල්ලීමක්...

 


අද (7) දේශීය ටින් මාළු නිෂ්පාදකයන්ගේ සංගමය සමඟ වෙළෙඳ අමාත්‍යාංශයේදී පැවැති සාකච්ඡාවකට සහභාගී වෙමින් වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු ප්‍රකාශ කළේ දේශීය ටින්මාළු නිෂ්පාදකයන් රැක ගැනීම සඳහා ඔවුන්ගේ ඉල්ලීම් කැබිනට් මණ්ඩලය වෙත යොමු කරන බවයි.

මෙහිදී දේශීය ටින්මාළු නිෂ්පාදකයන් අමාත්‍යවරයා හමුවේ සඳහන් කළේ ආනයනික ටින් මාළු අඩු මිලට වෙළෙඳපල තුළ අලෙවි වීම හේතුවෙන් දේශීය ටින්මාළු නිෂ්පාදනකරුවන් දැඩි දුෂ්කරතාවයට පත් වී ඇති බවයි.

එය ධීවර ප්‍රජාව ඇතුළු බොහෝ පිරිසකට අහිතකර ලෙස බලපාන බැවින් ආනයනික ටින් මාළු ගෙන්වීම සීමා කරන ලෙස ඔවුන් ඉල්ලා තිබේ

මෙහිදී අමාත්‍යවරයා සඳහන් කළේ, ශ්‍රී ලංකාව වැනි රාජ්‍යයකට එකවර සම්පූර්ණයෙන්ම ආනයන නවත්වා දැමීම පහසු කටයුත්තක් නොවන අතර, ශ්‍රී ලංකාව සහල් වලින් ස්වයංපෝෂිත රාජ්‍යයක් වුවත් අදටත් සෑම වසර තුන හතරකට වරක්වත් සහල් විදේශයන්ගෙන් ආනයනය කරන බවයි.

Post a Comment

0 Comments