Future Minds Expo 2022 සැප්තැම්බර් මස 24, 25 KCC හිදී...

 


විදෙස් අධ්‍යාපනික මංපෙත් වැඩි වැඩියෙන් සොයා යන මෙවන් අවධියක, දරුවාගේ අනාගත සුබසිද්ධිය සඳහා අවශ්‍ය මාර්ගෝපදේශනයන් සහ සුදුසු උසස් අධ්‍යාපනික ආයතනයන් පිලිබඳ දැනගැනීම සඳහා ලංකාවේ අංක එකේ උසස් අධ්‍යාපනික ප්‍රදර්ශනය වන Future Minds Expo 2022 ප්‍රදර්ශනය සැප්තැම්බර් මස 24, 25 දෙදින උදැසන 9 සිට සවස 6 දක්වා KCC හිදී.පැවැත්වීමට කටයුතු යොදා ඇත.

දැයේ දූ දරුවන්ගේ උසස් අධ්‍යාපනික අවශ්‍යතා මැනවින් හඳුනාගත් කොළඹ නාලන්දා විද්‍යාලයීය කනිෂ්ඨ ආදී ශිෂ්‍ය සංගමය, මෙයින් දශක එකහමාරකට පමණ පෙර එනම් වර්ෂ 2006 දී, Future Minds ජාතික උසස් අධ්‍යාපනික හා වෘත්තීය ප්‍රදර්ශනය හඳුන්වා දුන්නේ එවකට
පැවති ජාතික අවශ්‍යතාවයක පිළිතුරු සපයමිනි.

අ.පො.ස. උසස් පෙළින්, සාමාන්‍ය පෙළින් අනතුරුව කුමන ධාරාවක් ඔස්සේ තම අනාගත වෘත්තීය වෙනුවෙන් අධ්‍යාපනය හැදෑරිය
යුතුයි නොදැන අතරමංව සිටින දරුවන් නිවැරදි දිශානතියකට යොමු කිරීමට අවශ්‍ය උපදෙස් ලබා දීම මෙය අරමුනයි.

Post a Comment

0 Comments