එක්සත් ජනපදය USAID සංවිධානය හරහා ශ්‍රී ලංකාවට වසර 5 ක කාලයක් පුරා අතිරේක ඇස්තමේන්තුගත ඩොලර් මිලියන 65 ක ආධාර ලබා දෙන බව USAID පරිපාලක සමන්තා පවර්ගේ මෑත සංචාරය මත පදනම්ව, ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් පවසයි.
ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ USAID දූත මණ්ඩල අධ්‍යක්ෂ ග්‍රේබියෙල් ග්‍රෝ මහතා සහ මෙරට මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා විසින් අත්සන් කරන ලද සංවර්ධන අරමුණු සහාය ගිවිසුම (DOAG) යටතේ මෙම ආධාර පිරිනමනු ලැබේ.
මෙම අරමුදල් ප්‍රදානය ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික හා දේශපාලන අර්බුදවලට ප්‍රතිචාර වශයෙන් පරිපාලක පවර් මහත්මිය පසුගිය සතියේ ප්‍රකාශයට පත් කරන ලද ඩොලර් මිලියන 60 ට අධික නව මානුෂීය සහ පොහොර ආධාරවලට අමතරව සපයා දෙනු ලැබේ.

0 Comments