කොරෝනා ආසාදිතයන් අලුතින් වාර්තා වීම වේගයෙන් අඩුවෙමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.
ඒ හේතුවෙන් වසංගතය අවසානයට පැමිණ ඇති බව පැවසිය හැකි යයි එම සංවිධානය ප්‍රධානී ටෙද්‍රස් ඇඩ්හැනොම් කියා සිටී.
ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානියා මෙසේ පැවසුවේ ලොවපුරා දත්ත එකතු කර ලබාගත් වාර්තා ඉදිරිපත් කරමිනි.
කොරෝනා වසංගතය සම්පූර්ණයෙන්ම අවසන් බව තමන් නොකියන නමුත් එහි අවසානයට පැමිණ ඇති බව ස්ථිර වශයෙන්ම කිව හැකි බවද හෙතෙම සඳහන් කළේය.


0 Comments