කොවිඩ් තවමත් හදිසි තත්ත්වයක් – WHO...

 


ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් එරට කොවිඩ් අවසන් බව ප්‍රකාශ කළද කොවිඩ් වසංගතය තවමත් ගෝලීය හදිසි තත්ත්වයක් යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

බයිඩ්න් එම ප්‍රකාශය කළේ ‘සික්ස්ටි මිනිට්ස්’ නමැති දේශපාලන වැඩසටහනට එක් වෙමිනි. ඔහු කීවේ ඇමරිකානුවන් මුහුණු ආවරණ පැලැඳීම නවතා ඇති බවත් කොවිඩ් 19 වසංගතය ඇමරිකාවේ අවසන් බවත්ය.

ජනාධිපති බයිඩ්න්ගේ ප්‍රකාශය ගැන ඇමරිකානු සෞඛ්‍ය අංශ පවසන්නේ වයිරසය අඩපණ වෙමින් පවතින නමුත් එය සම්පූර්ණයෙන් අවසන් වී නොමැති බවය.

කෙසේ නමුත් මේ වනවිට කොවිඩ් වසංගතය කෙමෙන් අවසන් වීමට පටන් ගෙන ඇතැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

සාර්ථක එන්නත් වැඩසටහන් හරහාත්, යහපත් සෞඛ්‍ය පුරුදු හරහාත් වසංගතය අවසන් කළ හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අදහසය.

Post a Comment

0 Comments