හිමාලය කන්ද තරණය කිරීමට ගිය පිරිසක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
35 දෙනෙකුගෙන් සමන්විත එම කණ්ඩායමේ සිටි පුද්ගලයින් 10 දෙනෙකු මෙලෙස මියගොස් ඇති බව එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දී තිබේ.
මේ අතර අදාළ පිරිස අතර සිටි තවත් 14 දෙනෙකුට ආසන්න පිරිසක් තවමත් අතුරුදන් බවද බලධාරීන් උපුටා දක්වමින් වාර්තා කර ඇත.
හිම කුණාටුවකට මැදිවීමෙන් මෙම පිරිස අනතුරට ලක්ව ඇති බව වාර්තාවෙයි.
ඉන් පිරිසක් මුදා ගැනීමට හැකිව ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.
මේ අතර අතුරුදන්ව ඇති පිරිස සොයා මේ වනවිට ඉන්දීය ගුවන් හමුදාවේ සහාය ඇතිව මෙහෙයුම් ආරම්භ කර ඇත.


0 Comments