මෙරට වාර්ෂික බිත්තර නිෂ්පාදනය මිලියන 1000ත් 2000ත් අතර වේ. ලංකාවේ වාර්ෂික ඒක පුද්ගල බිත්තර පරිභෝජනය බිත්තර 174කි. මෙම වසරේ ජුලි මාසය වන විට මෙරට බිත්තර නිෂ්පාදනය මිලියන 164ක් හා කුකුළු මස් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 18ක් දක්වා අවම වී තිබේ.
නමුත් අප්‍රේල් මාසයේ දී මෙරට කුකුළු මස් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 21ක් හා බිත්තර නිෂ්පාදනය මිලියන 220ක් දක්වා ඉහළ මට්ටමක පැවැතිනි.
ඉකුත් වසරේ (2021) මෙරට වාර්ෂික බිත්තර නිෂ්පාදනය මිලියන 2,934ක් වුවද , මේ වසරේ සත්ත්ව ආහාර හිඟය නිසා බිත්තර නිෂ්පාදනය මිලියන 1,963ක් දක්වා සියයට 34කින් අවම විය.


0 Comments