ඉබෝලා වසංගතය පැතිර යාමේ අවදානම හේතුවෙන් උගන්ඩාවේ දිස්ත්‍රික්ක දෙකක් වහා ම ක්‍රියාත්මක වන පරිදි වසා දමා තිබෙන බව විදෙස් වාර්තා පවසයි.
උගන්ඩා ජනාධිපති යව්රි මුසවේනි ජනතාව අමතමින් ප්‍රකාශ කළේ මුබෙන්ඩේ සහ කසාන්ඩා දිස්ත්‍රික්කවලට දින 21 ක් ගතවන තුරු මෙම තහනම බලපැවැත්වෙන බවයි.
ඒ අනුව එම දිස්ත්‍රික්කවලට ඇඳිරිනීිතිය පනවා ඇති අතර, එහි සංචාරය තහනම් කර ඇති අතර, වෙළඳසැල්, දේවස්ථාන සියල්ල වසා දමා තිබෙනවා.
සැප්තැම්බර් විසිවනදා සිට මේ දක්වා කාලය තුළ ඉබෝලා වෛරසය හේතුවෙන් 19 දෙනෙකු මියගොස්, 58 දෙනෙකු ආසාදිතයන් බවට තහවුරු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

0 Comments