නෙදර්ලන්තයට කඩුළු 5ක ජයක්...

 


විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අවසන් කණ්ඩායම් 12 අතරට සුදුසුකම් ලැබීම වෙනුවෙන් අද දිනයේ පැවැති පළමු තරගයේදි කඩුළු 5ක ජයක් වාර්තා කිරීමට නෙදර්ලන්තය සමත් විය.

මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් නැමීබියා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

ඒ අනුව නැමීබියා කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස තුළ කඩුළු 6ක් දැවී ලකුණු 121ක් රැස්කර ගැනීමට සමත් විය.

ජාන් ෆ්‍රයිලින්ක් ලකුණු 43ක් රැස්කර ගත්තේ දැවැන්ත හයේ පහරක් සහ හතරේ පහරක් සමගයි.

පන්දු යැවීමේදී නෙදර්ලන්ත පිල වෙනුවෙන් බාස් ඩි ලීඩි කඩුළු දෙකක් දවා ගැනීමට සමත් විය.

අනතුරුව ගීලොන්ග් පිටියට පැමිණි නෙදර්ලන්ත පිල පන්දුවාර 19යි පන්දු 3දි කඩුළු 5ක් දැවී ලකුණු 122 ක් රැස්කර ගැනීමට සමත් විය.

ඒ අනුව නෙදර්ලන්තයට කඩුළු 5ක ජයක් හිමිවිය.

මෙම තරගයේ ජයග්‍රහණයත් සමග නෙදර්ලන්ත පිල A ඛාන්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකාව පරාජයට නැමීබියාව ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පත්ව ඇත.

Post a Comment

0 Comments